නොවැම්බර් මාසයේ උපන් අය ස්ථීර ගති ගුණවලින් යුතු වන අතර උදාවන තත්ත්වයන් හමුවේ තම අදහස් වෙනස් නොකරයි. පැමිණෙන අභියෝග හමුවේ කිසිසේත්ම අරමුණු අත් නොහරී. පවුලේ සාමාජිකයන් අතරින් පියාට වඩාත් හිතවත් වන අතර යුක්තිගරුක සහ සත්‍යවාදී වේ.

දැඩි කල්පනා ශක්තියෙන් යුතු මොවුන් තුළින් කටයුතු අතපසු වන්නේ කලාතුරකිනි. මනා සිහිකල්පනාවෙන් යුතුව තම කටයුතු ඉදිරියට කරගෙන යනු ලබයි. කතාවට දක්ෂතා දක්වයි. ඒ නිසා පහසුවෙන්ම අන් අයව තම මතයට නතු කර ගත හැකි වේ. අරුත් රහිතව වචන කිසිසේත්ම භාවිත නොකරයි. ඒ නිසා වාචාල නොවේ.

කතාවෙහි ඇති දක්ෂතාව නිසා සමාජ ජීවිතය තුළ අන් පුද්ගලයන්ගේ ප්‍රශංසා නොමඳව ලබා ගනී. මෙම මාසයේ උපන් අය කෙතරම් ප්‍රශංසා ලැබුවද ඔවුන් විසින් අන් අයව අගයන්නේ කලාතුරකිනි.

කය වෙහෙසා කරන කටයුතුවලට මොවුන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. නමුත් කෙතරම් අමාරු වුවද අරඹනු ලබන ඕනෑම කටයුත්තක් අවසානය තෙක්ම කරගෙන යනු ලබයි. අධ්‍යාපනය ලබන කාලසීමාව තුළදී නොවැම්බර් මාසයේ උපන් අය ඒ පිළිබඳව එතරම් තැකීමක් නොකරයි. ඒ නිසා වයසින් වැඩිවන විටදී අතපසු කළ ඉගෙනුම් කටයුතු පිළිබඳව පසුතැවෙනු ඇත.

බොහෝ මිතුරු ඇසුරක් මොවුන්ට ලැබෙන අතර ඔවුන් කල්‍යාණ මිත්‍රයෝය. ඒ ඇසුර තුළිනුත් මොවුන්ට මොවුන්ගේ ජීවිතයේ දියුණුව උදා කරගත හැක. අනුන්ගේ වරදේදී මොවුන් නිහඬවම සමාව ලබාදෙනු ඇත. විවාහ ජීවිතය මොවුන්ට තරමක් ගැටළු සහගත එකකි. ඒ නිසා කලකිරීම් තුළින් විවාහය දික්කසාදයකින් පවා කෙළවර විය හැක.

නොවැම්බර් මාසය තුළ උපදින පිරිමින් හට නිදන්ගත සෙම් රෝග, හෘද රෝග සහ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග ඇති වීමේ අවදානම පවතින අතර කාන්තාවන් හට ආර්තවහරණය පිළිබඳව ගැටළුවලට මුහුණ දීමට සිදු නොවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here