වර්තමානය වන විට පිළිකාව කියන්නේ , ලෝකය පුරා බොහෝ දෙනෙකුට මරණය ලගා කර දෙන , ඉතා භයානක රෝගී තත්වයක්. නවතම වෛද්‍ය පර්යේෂණ වලින් සනාත වී තිබෙන පරිදි , බොහෝ වෙලාවට පිළිකා ඇතිවීම සදහා සෘජුවම බලපාන්නේ , අප ගන්නා ආහාරයි. පිළිකා ඇතිවීම සදහා බලපාන ආහාර වර්ග සේම , පිලිකා මර්ධනය කරගැනීම සදහාද ආහාර වර්ග රාශියක් පෝෂණවේදීන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අද විශ්ම ලෝකයෙන් මේ වීඩියෝව නිර්මාණය වෙන්නේ , එලෙස පිළිකා අවධානම අවම කරවන , ආහාර වර්ග 13ක් පිලිබදවයි.

අංක 01 – ගෝවා
ගෝවා යනු පිළිකා විනාශ කරවන සංයෝග බහුලව අඩංගු වන එළවලු වර්ගයක්. පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ , පියයුරු පිළිකා මර්ධනය කිරීමෙහිලා , සියයට 75ක හැකියාවක්ද , පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා සියටට 50කින් අවම කිරීමේ හැකියාවක්ද , ගෝවා වලට ඇති බවයි. ඒ විතරක් නොවෙයි, ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කර , නිරෝගී බව ආරක්ෂා කරගැනීමටද , ගෝවා ආහාරයට ගැනීමෙන් ඔබට හැකියාව ලැබෙනවා.

අංක 02 – කැරට්
විදෙස් පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරනු ලැබූ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ , කැරට් ආහාරයට ගැනීමෙන් , උදරය ආශ්‍රිත පිළිකා ඇතිවීම සියයට 26කින් අවම වන බවයි. පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා සියයට 18කින් අවම කිරීමේ හැකියාවක්ද කැරට් වලට තිබෙනවා. එසේම පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ , කැරට් දිනපතා ආහාරයට ගන්නා පුද්ගලයන්ට වඩා , කැරට් ආහාරයට නොගන්නා පුද්ගලයන් , පිළිකා වලට ගොදුරු වීමේ හැකියාව වැඩි බවයි.

අංක 03 – බෝංචි
බෝංචි වල අඩංගු අධික තන්තු ප්‍රතිශතය , මහා අන්ත්‍රය ආශ්‍රිතව ඇතිවන පිළිකා සමග සටන්වැද , ඒවා මර්ධනය කරන බව , පෝෂනවෙදින් සොයාගෙන තිබෙනවා. මිනිසුන් 1950 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, වැඩිවශයෙන් බෝංචි ආහාරයට ගන්නා පුද්ගලයන් , පිළිකා රෝග වලට ගොදුරු වීමේ අවධානම ඉතා අවම බවයි.

අංක 04 – බෙරි වර්ග
වරක් එක්තරා පර්යේෂකයන් කණ්ඩායමක්, මහා අන්ත්‍රය ආශ්‍රිත පිළිකා වලට ගොදුරු වූ පුද්ගලයන් 25ක් තෝරාගෙන , ඔවුන්ට දිනපතා බෙරි යුෂ පානය කිරීමට ලබා දී තිබෙනවා. බේරී යුෂ පානය නිසා , ඔවුන්ගේ පිළිකා තත්වයන් දින 7ක් තුල , සියයට 7කින් අවම කරගැනීමට එම පර්යේෂනය අවසානයේ ඔවුනට හැකියාව ලැබුනා. මහා අන්ත්‍රය ආශ්‍රිත පිළිකා වලටවිතරක් නෙවෙයි , මුඛ පිළිකා ආශ්‍රිත රෝගින්ටද , බෙරි යුෂ යනු පිළිකා මර්ධනය සදහා සාර්ථක ඔසුවක් වෙනවා. නිරෝගී පුද්ගලයන් දිනපතා බෙරි ආහාරයට ගැනීමෙන් , ඔවුන්ගේ පිළිකා අවධානම සියයට 25කින් පමණ අවම වන බව පෝෂණවේදීන්ගේ මතයයි.

අංක 05 – කුරුදු
රුධිරගත සිනි මට්ටම අවම කරවීමට, කුරුදු වලට ඇත්තේ ඉහල හැකියාවක්. සතුන් යොදාගෙන සිදු කරනු ලැබූ පර්යේෂණයකින් හෙළි වී තිබෙන්නේ, කුරුදු ඔබගේ දේහයේ ඇති පිළිකා සෛල පැතිරීම සාර්ථකව මැඩපවත්වන බවයි. කුරුදු වලින් සාදා ගන්නා පානයන් , පාරිබෝජනය කිරීමෙන් පිළිකා සෛල සියයට 18කින් අවම වන බව වෛද්‍යවරුන් පවසනවා. ඔබගේ ආහාර වේලට , දිනපතා කුරුදු කුඩු මේස හැදි භාගයක් පමණ එකතු කරගැනීමෙන් පිළිකා අවධානම සාර්ථකව මැඩපවත්වා ගැනීමට පුළුවන්.

අංක 06- කජු
සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා , පිළිකා අවධානම අවම කිරීමේ විශේෂ හැකියාවක් කජු වලට පවතින බව. මිනිසුන් 30708ක් යොදා ගෙන සිදු කෙරුණු පරීක්ෂණයකින් සොයා ගෙන ඇත්තේ , දිනපතා කජු ආහාරයට ගත් පුද්ගලයන් බොහොමයක් , පිළිකා වලට වැඩි ප්‍රතිරෝධයක් දක්වන බවයි. එසේම දිනපතා කජු ආහාරයට ගැනීමෙන් , පිළිකා සෛල පැතිරීම සියයට 80 කින්ද , පිළිකා ඇතිවීම සියයට 60 කින්ද , අවම වන බව පර්යේෂකයින් විසින් සනාත කොට තිබෙනවා.

අංක 07 – ඔලිව් තෙල්
ඔලිව් තෙල් යනු පෝෂණ සංඝටක රාශියක එකතුවක්. දිනපතා ඔලිව් තෙල් ආහාරයට ගැනීමට හුරු වූ පුද්ගලයන් බොහෝ දෙනෙකු, පියයුරු පිළිකා සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග රාශියකින් ආරක්ෂා වන බව , සමීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. එසේම ලොව පුරා මිනිසුන් දහස් ගණනක් , ඔලිව් තෙල් පාරිබෝජනය නිසා පිළිකා අවධානමෙන් ඈත් වී සිටින බවද , සමීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා.

අංක 08 – කහ
කහ යනු ලොව පුරා සෞඛ්‍යට හිතකර ආහාරයක් මෙන්ම ඖෂධයක් ලෙසද සැලකෙන ආහාර වර්ගයක්. එහි අන්තර්ගත ප්‍රධාන සංඝටකයන් වන , කර්කියුමින් ඔබගේ දේහයේ ඇති උෂ්ණාධික බව අවම කරවන අතර , ඔබගේ දේහයේ අඩංගු පිළිකා සෛල සම්පුර්ණයෙන්ම විනාශ කරයි. එසේම තුවාල සුව කිරීමේ ප්‍රබල හැකියාවක්ද , කහ වලට තිබෙනවා. හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා සෛල වර්ධනය වීම , සැලකිය යුතු ලෙස මර්ධනය කරන ඖෂධයක් ලෙසද කහ හදුන්වන්න පුළුවන්.

අංක 09 – පැගිරි වර්ගයේ පලතුරු වර්ග
දෙහි,ලෙමන්,ජම්බෝල සහ දොඩම් වැනි පලතුරු අනුභව කරන විට , පිළිකා අවධානම සියයට පනහකින් පමණ අවම වන බව පර්යේෂකයින්ගේ මතයයි. අධ්‍යන 14 කින් පමණ හෙළි වී ඇත්තේ , ඔබගේ දේහයේ අග්න්‍යාශය සහ උදරය ආශ්‍රිත පිළිකා රෝගී තත්වයන් බොහොමයක් අවම කරගැනීමට , මෙම පලතුරු වර්ග උපකාරී වන බවයි. මෙවැනි පැගිරි වර්ගයේ පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන් පිළිකා වලින් ආරක්ෂා වෙනවා සේම, බෝවන රෝග රාශියකින්ම ආරක්ෂා වීමට ඔබට අවස්තාව සැලසෙනවා

අංක 10 – හණ බීජ
ශරීරයට හිතකර තන්තු වලින් සහ ශරීරයට හිතකර මේදයෙන් පිරි ඇති හණ බීජ , ඔබගේ ආහාර වේලට එකතු කරගත යුතුම ආහාර වර්ගයක්. පර්යේෂණ වලින් සනාත කරගෙන තිබෙන පරිදි , මෙම ආහාරය මගින් ඔබගේ ශරීරයේ පිළිකා අවධානම අවම වන අතර, පිළිකා සෛල මර්ධනය කිරීමද සිදුවෙනවා. පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා වැළදුණු පුරුෂයන් 161 දෙනෙකුට , හණ බීජ ආහාරයට ලබා දුන් විට, ඔවුන්ගේ පිළිකා සෛල සාර්ථකව මර්ධනය වූ බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

අංක 11 – තක්කාලි
තක්කාලි වල රතු පැහැයට හේතු වන සංඝටකය , අපගේ ශරීරයේ පිළිකා සෛල සාර්ථකව මර්ධනය කිරීම සදහා හේතුවන බව වෛද්‍යවරුන් පවසනවා. පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ , තක්කාලි පිසීමෙන් පසු අනුභව කිරීමට වඩා , ඒවා අමුවෙන් ආහාරයට ගැනීම ශරීරයට හිතකර වන බවයි. තක්කාලි අමුවෙන් ආහාරයට ගැනීමෙන් , පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා වලින් ආරක්ෂා විය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇති කරුණක්.

අංක 12 – සුදු ළුණු
සුදුලුනු වල ඇති ක්‍රියාකාරී සංයෝග මගින් , ඔබගේ දේහයේ ඇති පිළිකා සෛල සාර්ථකව මැඩපවත්වන බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. පිළිකා පමණක් නොවෙයි , අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ අහිතකර කොලෙස්ටරෝල් අවම කිරීමේ සුවිශේෂ හැකියාවක්ද , සුලුලුනු වල අන්තර්ගත වී තිබෙනවා. ඔබටත් ජිවිත කාලය පුරා පිළිකාවලින් ආරක්ෂා වීමට අවශ්‍ය නම් , සුදුලුනු ග්‍රෑම් 2-5 අතර ප්‍රමාණයක් ඔබේ ආහාර වේලට දිනපතා එකතු කරගන්න.

අංක 13 – තෙල් සහිත මාළු
විශ්ව විද්‍යාලයක් මගින් මෙහෙයවනු ලැබූ , දැවැන්ත සමීක්ෂණයකින් පසුව , පර්යේෂකයින් සොයාගෙන ඇත්තේ, මාළු ආහාරයට ගැනීම මගින්, ආහාර ජීර්ණ පද්ධතියේ යෝග්‍යතාවය පවත්වා ගැනීමටත් , ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත පිළිකා අවම කරගැනීමටත් හැකි වන බවයි. මාළු වල අඩංගු හිතකර මේදය, ඔමේගා-3 මේද අම්ල සහ විටමින් D මගින් තමයි , මෙලෙස ශරීරයට අවශ්‍ය පෝෂණය සපයා , ඔබව පිළිකා වලින් ආරක්ෂා කර දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here