කසුරි මෙති හෙවත් උළුහාල් කොළ මෙතරම් වැදගත් යැයි ඔබ දැන සිටියාද?

කසුරි මෙති හෙවත් උළුහාල් කොළ මෙතරම් වැදගත් යැයි ඔබ දැන සිටියාද?

0
300
උළුහාල් කොළ - Fenugreek
කසුරි මෙති හෙවත් උළුහාල් කොළ මෙතරම් වැදගත් යැයි ඔබ දැන සිටියාද?

උලුහාල් කියන්නේ දිව්‍ය ‍ඹෘෂදයක්

උළුහාල් අප එදිනෙදා භාවිත කරන ස්වාභාවික රසකාරකයක්. සාමාන්‍යයෙන් ලංකාවේ උළුහාල් බීජ පමණක් බහුලව භාවිතා කරන අතර කොළ භාවිතය අවම මට්ටමක පවතී.උළුහාල් කොළ ‘කසුරි මෙති(Kasoori methi)’ ලෙසද හදුන්වනවා. එය විවිධ කෑම වර්ග රස ගැන්වීමට භාවිතා කරන ඉතා පුරාණ කුළුබඩු වර්ගයකි. මෙම උළුහාල් කොළ රසයෙන් කටුක වන අතර, ඕනෑම වට්ටෝරුවකට සුදුසු ප්‍රමාණයක් එකතු කළ විට එය නිසැකවම රසවත් බවක් ඇති කරයි.

උලුහාල් වල ඇති පෝෂණ අගයන් ගැන ඔබත් දැනුවත් වන්න

උළුහාල් කොළ යනු පෝෂණ අතිරේකයක් ලෙස ක්‍රියා කරන ස්වාභාවික ඔසු වර්ගයකි. මෙම ඖෂධ පැළෑටිය අවුරුදු ගණනාවක සිට භාවිතා කිරීමට හේතුව එය රෝග සමනය කිරීමේදී ඉතා ඵලදායී වූ නිසා ය. එය ජනප්‍රිය ආහාර රස කිරීම සහ ශාකසාර තේ නිපදවීම නිසා ය. විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන නිෂ්පාදකයින් විසින් සබන් හා ආලේපන නිෂ්පාදනය සඳහා ද භාවිතා කරයි.මෙම පැළෑටියේ නම “Fenugreek” යන්න ලතින් භාෂාවෙන් සම්භවය වුවක් අතර එහි අර්ථය ‘ග්‍රීක පිදුරු’ යන්නයි. වියළි කොළ වලට අමතරව උළුහාල් බීජ සහ කොළ ද විවිධ කෑම වර්ග පිසීමට යොදා ගනී. එළවළු සහ අච්චාරු සකස් කිරීමේදී උළුහාල් බීජ වැඩි වශයෙන් එකතු වේ. වියළි උළුහාල් කොළ සත්ව ආහාර ලෙසද බහුලව භාවිතා වේ.

උලුහාල් වන අඩංගු වන ප්‍රධාන පෝෂක කොටස්

පොටෑසියම්, යකඩ, පොස්පරස් සහ කැල්සියම් ය. කසුරි මෙති වල අඩංගු වැදගත් විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ වන්නේ ෆෝලික් අම්ලය, තයමින්, විටමින් A, B 6 සහ C, K, Riboflavin සහ Niacin ය.

කසුරි මෙති හෙවත් උළුහාල්(ස්වාභාවික රසකාරකය) - Fenugreek

උලුහාල් හෙවත් කසුරි මෙති(Kasoori methi) සාදාගන්නා ආකාරය

උළුහාල් බීජ

සාමාන්‍ය වෙළඳපොලේ ඇති බීජ

ඕනෑම පසක්

වගා මාධ්‍ය ලෙස ඕනෑම පසක්, කොහුබත් ආදී ඕනෑම දෙයක් යොදා ගත හැකියි.

උළුහාල් බීජ ඉසිම

වගා මාධ්‍ය සකස් කර උළුහාල් බීජ ඒ මත ඉසින්න.

කාල පරාසය

දින 7කින් උළුහාල් microgreens වශයෙන් ලැබෙන අතර දින 14 පසුවූ විට කසුරි මෙති වල ආවේනික රසය ලැබේ. ඉන් පසු අස්වැන්න නෙලාගන්න.

කසුරි මෙති සාදා ගැනීම

වියළි කසුරි මෙති සාදාගැනීමට ඔබ නෙලාගත් උළුහාල් කොළ අව්වේ වේලාගන්න. එය දැන් ආහාර රසවත් කිරීම සඳහා යොදාගත හැකියි.

එය දැන් ආහාර රසවත් කිරීම සඳහා යොදාගත හැකියි. ඉතින් අදම ඔබ වගාවක් ආරම්භ කරන්න. දැන්ම මුළුතැන්ගෙට ගොස් උළුහාල් මිටක් පැල කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here