කෙට්ටු වෙන්න විශ්මිත පානයක්

0
381
කෙට්ටු වෙන්න විශ්මිත පානයක් - https://nawaliya.com/

කාර්ය බහුල ජීවිතත් එක්ක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා උදරය ඉදිරියට නෙරා එන එක. මහත් වෙන එක මේකට ප්‍රධානම හේතු වෙන්නේ පාලනයකින් තොරව ආහාර ගැනීම හා ව්‍යායාම් නොකිරීම වගේ දේවල්. එත් බය වෙන්න එපා. බඩේ අනවශ්‍ය මේද තට්ටුව දිය වෙන්න විශ්මිත මැජික් පානයක් මම අද කියලා දෙන්නම්.

ඇත්තටම Belly Fat නැත්තම් උදර ආශ්‍රිතව අධික ලෙස මේදය තැන්පත් වෙනවා කියන්නේ ඔබගේ සෞඛ්‍ය තත්වය තියෙන්නේ ඉතා අවධානම් කලාපයක කියන එකයි. මේ Belly Fat නිසා රෝග රැසකට ගොදුරු වෙන්න පුළුවන්. ඇදුම රෝගයට , පරිවෘත්තිය ක්‍රියා හරි හැටි සිදු නොවීම , ලිංගික දුබලතා , රුධිර නාලිකා සිහින් වීම , දරු පල අහිමි වීම වගේ. අනිත් එක උදරය මහා කැත විදියට ඉදිරයට නෙරා ආවම ශරීරය කොයි තරම් අවලස්සනද. හරි දැන් බලමු කෙට්ටු වෙන්න හදන මැජික් පානය කොහොමද හදන්නේ කියලා

මේක හදන්න යොදා ගන්න 100% ස්වාභාවික දේවල් නිසා බය නැතුව උත්සහා කරලා බලන්න පුළුවන්.මම කාලෙකට ඉහත හදපු එකක්

අවශ්‍ය ද්‍රවය

නිවිති කොල අහුරක් (තමුන්ගේ අතට අහු වෙන ප්‍රමාණය)
දෙහි ගෙඩියක යුෂ
දොඩම් ගෙඩියක යුෂ 
රට ඉදි 5ක් 
ඉගුරු කෑල්ලක්
වතුර විදුරුවක්

මේ ටික එකට දාලා හොදට blender කරලා උදය ආහාරය ගන්න විනාඩි 30කට කලින් බොන්න

හරියට කරොත් ඉක්මනින්ම ප්‍රතිපල බලා ගන්න පුළුවන්

එත් එක්කම හැමදාම මේක පානය කරන ගමන් මේදය අඩු ආහාර කන්න. පාලනයකින් යුතුව ආහාර ගන්න

ඇත්තටම මේ දේවල් ටික එකට එකතු උනාම ශරීරයට අවශ්‍ය ශක්තිය මේ පානය තුලින් ඔබට ලබා දෙනවා. මෙහි මේදය අඩුයි. ශක්තිය වැඩියි. දෙහි දොඩම් හා ඉගුරු වලින් ඔබේ උදරයේ මේද තට්ටුවට කෙලින්ම පහර දී දිය කර හරිනවා. නිවිති රට ඉදි වලින් මුළු මනින්ම ශක්තිය ලබා දෙනවා.එහෙනම් උත්සාහ කරලා බලන්න
මේක ලෝකය පුරා ප්‍රසිද්ධ වුනු මේදය දිය කර හරින විශ්මිත පානයක්.හැමෝටම හොදයි මහැදුරු තේ එක බොන කට්ටිය උදේට බොන්න එපා.දවල්ට රාත්‍රිය ට මාදුරු තේ බොන්න !!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here