දත් පුරවන්න ගන්න ගම් එකෙන් හැදෙන මාරාන්තික ලෙඩේ.

0
322
දත් පුරවන්න ගන්න ගම් එකෙන් හැදෙන මාරාන්තික ලෙඩේ - https://nawaliya.com - Food

දත් කුහර පිරවීමට ලංකාවේ වෛද්‍යවරුන් විසින් භාවිතා කරන ඇමල් ගම්වල පවත්නා රසදිය, නිදන්ගත ස්නායු රෝග, පිළිකා සහ වකුගඩු රෝග ඇතුළු මාරාන්තික රෝගාබාධ රැසකටම හේතු වී ඇතැයි ඒ පිළිබඳව පර්යේෂණ සිදු කළ ලෝක සෞක්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞක්‍ය සංවිධානය එළි දක්වා ඇති නවතම වාර්තාවකට අනුව ලංකාවේ දත් කුහර පිරවීමට භාවිතා කරන ඇමල් ගම්වලින් වඩාත්ම සෞක්‍ය අවදානමකට ලක්වන්නේ කුඩා දරුවන් සහ ගර්භණී මාතාවන් බව ‘පරිසර යුක්ති කේන්ද්‍රයේ’ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි.

විතානගේ මහතා මෙසේ පැවසුවේ රාජගිරියේ පිහිටි ‘පරිසර යුක්ති කෙන්ද්‍රය’ කාර්යාලයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී ය.

මිනිස් සිරුරට ඉතාම අහිතකර බැර ලෝහයක් වූ රසදිය සහ රසදිය අඩංගු ද්‍රව්‍ය, භාවිතයෙන් ඉවත් කරන බවට පොරොන්දු වෙමින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද ‘මිනමාටා’ සම්මුතියට පවා අත්සන් කර ඇතැයි විතානගේ මහතා කියා සිටී.

ඒ අනුව ලබන වසර වනවිට ලංකාව රසදිය භාවිතයෙන් ඉවත් විය යුතු වූවත් තවමත් මෙරටට රසදිය ආනයනය කරන බව හේමන්ත විතානගේ මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

සපුමල් ජයසේන 
(මව්බිම)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here