නහර ගැටගැසීම නවත්වන්න මේ ප්‍රතිකාර කරන්න

0
324
නහර ගැටගැසීම නවත්වන්න මේ ප්‍රතිකාර කරන්නhttps://nawaliya.com/HEALTH

අද සමාජයේ නහර ගැට ගැසීම නිසා බොහෝ දෙනෙක් පිඩාවට පත් වෙලා ඉන්නවාග නහර ගැට ගැසීම නිසා ඔයාගේ ලස්සනට බාධාවක් සේම දැඩි වේදනාවක් ගෙන දෙන රෝග තත්වයක්ග ඇතැම් විට මේ නිසා ඔයාට කැමති විලාවිතා කරන්නත් මෙය බාධාවක්ග නහර ගැට ගැසීම කියන්නේ කකුලේ ශිරා ඉදිමී නිල් පැහැ ගැන්වීම සහ ශිරා එකිනෙකට ඇඹරී දිස් වීමයිග අද හැඩකාරි අපි ඔයාට නහර ගැට ගැසීමේ රෝග තත්වයට ස්වභාවික සිදු කල හැකි ප්‍රතිකාර ගැන කියලා දෙනවාග

නහර ගැට ගැසීමේ රෝග තත්වයේ මුල් අවදියේ රෝග ලක්ෂණ නම් දණහිසෙන් පහළ කොටසේ පමණක් නහර ඉදිමී නිල් පැහැ ගැන්වී තිබීම උනත් කාලයත් සමගම මුළු පාදය පුරාවටම මෙය පැතිරීගෙන යනවාග ඉතින් නහර ගැට ගැසීමේ රෝගයට විසඳුමක් ලෙස ගත හැකි ස්වභාවික ප්‍රතිකාර ගැන දැනුවත් වෙමුග

ගෝවා යුෂ සත්කාරය

ගෝවා කොළ කිහිපයක් ගෙන පොඩි කැබලිවලට කපා බ්ලෙන්ඩර් එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගෙන පෙරනයක් ආධාරයෙන් ගෝවා යුෂ වෙන් කර ගන්නග පසුව පෙරා ගත් ගෝවා යුෂ නහර ගැට ගැසී ඇති ස්ථාන වල අලේප කර සම්භාහනය කරන්නග ගෝවා යුෂ සත්කාරය මගින් ඔයාගේ නහර ඉදිමී ඇති ස්වභාවය පහව යන අතර ඔයාට ඇති වන වේදනාකාරී තත්වයන්ගෙන්ද මිදීමට හැකියාව ලැබෙනවාග

ඔලිව් තෙල් සත්කාරය

පොඩි භාජනයක් ගෙන ඔලිව් තෙල් ස්වල්පයක් දමා රත් කර ගන්නග රත් කර ගත් ඔලිව් තෙල් මද රස්නේ ගතියෙන්ම නහර ගැට ගැසුණු තැන් වල අලේප කර වෘත්තාකාර හැඩයට සම්භාහනය කරන්නග මෙම සත්කාරය මගින් ඔයාගේ පාදයේ සමට පෝෂණය ලැබෙනවා සේම ස්වභාවික සුන්දර ලස්සනකුත් එකතු කරනවාග මෙම සත්කාරය මගින් සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට හැකියාව තියෙනවාග

තක්කාලි යුෂ සත්කාරය

තක්කාලි ගෙඩියක් ගෙන කැබලි වලට කපා ගෙන බ්ලෙන්ඩ් කර ගන්නග බ්ලෙන්ඩ් කර ගත් තක්කාලි යුෂ මිශ්‍රණය පුළුන් කැබැල්ලක් ආධාරයෙන් නහර ගැට ගැසුණු ස්ථාන වල අලේප කරන්නග මෙම සත්කාරය දිනකට දෙවරක් කිරීම තුලින් සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකි අතර වේදනාවන් සමනය කිරීමටද හැකියාව තිබෙනවාග

බීට් රූට් පානය

බීට් රූට් කියන්නේ අපේ ශරීරයේ ලේ ගමනා ගමනය ක්‍රමවත් කරන ආහාරයක්ග ඉතින් නහර ගැට ගැසීමේ රෝගය නොහොත් වෙරිකෝස් රෝගයට බීට් රූට් පානය ඉතා ගුණයිග

සාමාන්‍ය තරමේ බීට් රූට් ගෙඩි 1රැ2
අන්නාසි කැබලි කෝප්ප 2 හෝ ඇපල් ගෙඩි 2ක්
ලෙමන් යුෂ මේස හැඳි 2
සෙලරි අඟලක පමණ කැබැල්ලක් :ඔබ කැමති නම් පමණක්-
ඉඟුරු අඟල් 1රැ2 කබැල්ලක්

ඔබ කැමති නම් අයිස් කැට 2-3ක් සමග හෝ ඉහත සියල්ල පමණක් හෝ බ්ලෙන්ඩ් කර පානය කරන්නග සතියට 2-3 වතාවක් උදේ ආහාර ගන්න පෙර මේ ජූස් එක බොන්නග හරිම ගුණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here