පොලොස් සොසේජස්

පොලොස් සොසේජස්

0
84

සෝදාගත් පොලොස් ගෙඩියක් කටු පිටින් දෙකට කපා ගොරකා කැබලි දෙකක් හා ලුනු දමා උපරිම මෙලෙක් වෙනකල් හොදින් තම්බා ගන්න

පසුව කට්ට ඉවත් කර බ්ලෙන්ඩ් කරන්න.
මිරිස් ගලෙත් පුලුවන් .

සුදු ලූනු බික් 5
ඉගුරු කෑල්ලක්
කරපින්චා
රතු ලූනු

මේ ටික හීනියට කපාගන්න .තෙල් මේස හැදි දෙකක් දමා තෙම්පරාදු කරගන්න.කෑලි මිරිස් ගම්මිරිස් ලුනු මදි වගේනම් ලුනු ටිකකුත් එකතුකරන්න.

දැන් මේ සියල්ලම අඹරාගත් පොලොස් එකට එකතුකරගන්න .සූදරු කුඩු තේ හැන්දක්,මිරිස් හැන්දක්,කහ චුට්ටක් දමා හොදට මික්ස් කරන්න .

කඩල පිටි මේස හැදි 3ක් දාන්න.මික්ස් කරන්න .තව ඕනිනම් හාල් පිටි ටිකකුත් දන්න පුලුවන් .

ඉන්පසු ටික ටික සොසේජස් හැඩයට රෝල්කර ලන්ච් ෂීට් එකකට දමා ටොෆියක් ඔතන ආකාරයට ඔතන්න.ඒ හැඩයටම එනවා මෙහෙම කරාම.ලන්ච් ෂීට් එකෙන් ඉවත් කරන්න.

ඉන්පසු ස්ටීමර් එකට කෙසෙල් කොලයක් එලා සියල්ලම විනාඩි 20 පමණ හුමාලයෙන් තම්බන්න.

නිවුනු පසු ශීතකරණයේ දමා අවශ්‍ය වූ විට සකසා ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here