ලස්සන හෙට දවසකට ආදරය සෙනෙහස දයාව ඇති කර ගන්නේ කොහොමද?

0
343
ලස්සන හෙට දවසකට ආදරය සෙනෙහස දයාව ඇති කර ගන්නේ කොහොමද?https://nawaliya.com/wp-content/uploads/2019/04/37124651_1488284221275678_3043495383079583744_n.jpg

සිරුරේ ඇති විවිධ පද්ධතීන් අතරින් වැදගත් තැනක් ගන්නා ඉන්ද්‍රියය පද්ධතියකි ප්‍රජනන පද්ධතිය. ලිංගික අනන්‍යතාවය තහවූරු කීිරීමට ලිංගික වශයෙන් පරිණත බවට පත්වීමට ලිංගිකව තෘප්තිමත් වීමට මෙන්ම නව ජනිතයින් බිහි කිරීමට වැදගත් වන්නේ මෙම ඉන්ද්‍රිය පද්ධතියයි.

ප්‍රජනන පද්ධතිය

ප්‍රජනන පද්ධතිය ප්‍රධාන වශයෙන් ස්ත්‍රී සහ පූරුෂ වශයෙන් වෙන් වෙන්ව හඳුන්වන්නට පූළුවන්. එමෙන්ම බාහිරව පෙනෙන කොටස් බාහිර ප්‍රජනන පද්ධතිය ලෙසත්, සිරුරේ අභ්‍යන්තරයෙහි පිහිටා ඇති කොටස් අභ්‍යන්තර ප්‍රජනන පද්ධතිය ලෙසත් හැඳින්වෙයි.

ස්තී්‍ර ප්‍රජනන පද්ධතිය

ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ප්‍රධාන වශයෙන්ම සැකසී ඇත්තේ කළලයක් ඇතිවීමට මූලිකවම ඉවහල් වන ඩිම්බ හෙවත් ස්ත්‍රී බීජ නිපදවීමට සහ සංසේචිත ඩිම්බයක්, කලලය බවට පත්වී ගර්භාෂයෙහි තැන්පත්වීමෙන් පසූ පූර්ණ දරු ගැබක් දක්වා වැඩීමට යන විශේෂිත ජීව විද්‍යාත්මක කාර්යයන් ඉටූ කිරීමටය. එමෙන්ම ස්ත්‍රියකගේ ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා ද මෙම අවයවයන්ගේ ව්‍යූහය සහ ක්‍රියාකාරීත්වය ඉවහල්වේ.

පූරුෂ ප්‍රජනන පද්ධතිය

ප්‍රධාන වශයෙන් සැකසි ඇත්තේ කළලයක් ඇතිවීමට මූලිකවම ඉවහල් වන ශුක්‍රාණූ හෙවත් පූරුෂ බීජ නිපදවීමට සහ ඒවා නිසි පරිදි ස්ත්‍රී යෝනි මාර්ගයෙහි තැන්පත් කිරීම සඳහාය. මෙය ඉතා විශේෂිත වූ ජීව විද්‍යාත්මක කාර්යයක් වන අතර පූරුෂයන්ගේ ලිංගික තෘප්තියක් ලබා ගැනීම සඳහා ද මෙම අවයවයන්ගේ ව්‍යූහය සහ ක්‍රියාකාරිත්වය ඉවහල් වේ.

ඩිම්බ සංසේචනය සහ කළලයක් පිළිසිඳ ගැනීම

ඩිම්බ කෝෂයෙන් බිහිවන ඩිම්බයක්, වෘෂණවලින් නිපදවන ශුක්‍රාණූවක් සමග එක්වීම ඩිම්බ සංසේචනය ලෙස හැඳින්වෙනවා. මෙය සිදුවන්නේ ස්ත්‍රියකගේ පැලෝපීීය නාලවල මූල් කොටසේදීමයි. මෙසේ සංසේචිත ඩිම්බය සංසේචිත ෙසෙලවලට බෙදෙමින් පැමිණ ගර්භාෂයේ හොඳින් සැකසූණූ බිත්තියෙහි තැන්පත්වීම කළලයක් පිළිසිඳ ගැනීම ලෙස හැඳින්වෙනවා.

කලලය වැඩීම සහ දරු උපත් සිදුවීම

මෙසේ තැන්පත්වන කළලය වැඩී විවිධ අගයන් ඇතිවීම සහ ඉන්ද්‍රියයන් පරිණත බවට පත්වීම සිදුවෙනවා. සති 40 ට ආසන්නයේදී කළලය පූර්ණ තත්ත්වයට පත්වෙනවා. මෙසේ වැඩී පූර්ණ තත්ත්වයට පත්වන කළලය භ්‍රෑණයා ලෙස හැඳින්වෙන අතර ගර්භාෂ පේශීන්වල සිදුවන සංකෝචනයක් හා ඉහිල්වීම හේතුවෙන් ගර්භාෂයෙන් ඉවතට තල්ලු කර හරිනවා. මෙය දරු උපත වන අතර සති 40 හෙවත් පොහොය මාස අනූව දස මාසයක් ලෙස නම් කිරීම වරදක් නැහැ.

පියයූරු වර්ධනය

මෙසේ කළලය වැඩෙන අතරම බිහිවෙන නව ජන්මයාට අවශ්‍ය පෝෂණ ලබාදීම සඳහා පියයූරු වර්ධනය වෙනවා. මෙය ස්ථන ග්‍රන්ථිවල වර්ධනයයි. එනමූත් කිරි එරීම සිදුවන්නේ බිළිඳු දෙතොල මගින් ප්‍රථම කිරි ඉරීමත් සමගයි. ඉපදී මූල් මාස හතරේදී මවූකිරි පමණක්ම දරුවාගේ පූර්ණ ආහාරය ලෙස ප්‍රමාණවත්. ඉන්පසූ අමතර ආහාර සමග මවූකිරි අඩූම වශයෙන් අවූරුද්දක් හෝ දෙකක් යනතුරු ලබාදිය යූතුු වෙනවා. මවූකිරි යනූ නව ජනිතයාගේ එකම සහ හොඳම ආහාරයයි.

ස්ත්‍රී පූරුෂභාවය සහ ස්ත්‍රී පූරුෂ සමාජභාවය, ස්ත්‍රී පූරුෂභාවය සැබැවින්ම තීරණය වන්නේ සංසේචිත ඩිම්බයේ පවත්නා ලිංගික ක්‍රෝමසෝම මතයි ං ජානය සහිත ශුක්‍රාණූවක් ං ජානය සහිත ඩිම්බයක් සමග එක්වීමෙන් බිහිවන්නේ ංං ජානය සහිත ස්ත්‍රී සංසේචිත ඩිම්බයක්. ශ ජානය සහිත ශුක්‍රාණූවක් ං ජානය සහිත ඩිම්බයක් සමග එක්වීමෙන් බිහිවන්නේ ංශ ජාන සහිත පූරුෂ සංසේචිත ඩිම්බයක්. මෙසේ බිහිවන සංසේචිත ඩිම්බය ජානමය අනන්‍යතාවය අනූව ස්ත්‍රී ප්‍රජනන පද්ධතියක් සහිත හෝ පූරුෂ ප්‍රජනන පද්ධතියක් සහිත හෝ කළලයක් ලෙස වැඩෙන්නට පටන් ගන්නවා. මේ අනූව පූද්ගලයෙකුගේ ස්ත්‍රී පූරුෂභාවය තීරණය වන්නේ ජානමය තත්ත්වය අනූව සහ ප්‍රජනක පද්ධතියෙහි ව්‍යූහය සහ ක්‍රියාකාරිත්වය මතයි. එය කායික වශයෙන් වන වෙනස්කමක් වන අතර මානසික වශයෙන් ද ඔවූනොවූන් තුළ විශේෂිත වෙනස්කම් දැකිය හැකියි. මෙය ඇත්තෙන්ම ජීව විද්‍යාත්මක වෙනසක් ලෙස හැඳින්විය හැකියි.

මෙය ජීව විද්‍යාත්මක වෙනස මත රැඳී පවතී

සමාජය මගින් ස්ත්‍රියක හා පූරුෂයන්ට වෙන්වූ භූමිකා වගකීම් යූතුකම සහ කාර්යභාරයන් අතර වූ වෙනස්කම් ස්ත්‍රී පූරුෂ සමාජභාවය ලෙස හැඳින්වෙනවා. මෙම වෙනස්කම් සංස්කෘතික, දේශපාලනය, ආගම, පරිසරය වැනි බොහෝ සාමාජ විද්‍යාත්මක සංසිද්ධීන් මත ද රැඳී පවතින්නා වූ වඩාත් පූළුල් දෙයක්.

ප්‍රජනක පද්ධතියේ ඇති විශේෂත්වය

ස්ත්‍රී සහ පූරුෂ ප්‍රජනන පද්ධතිවල ඇති විශේෂත්වය නම්, ඉපදෙන අවස්ථාවේදීම සිරුරේ පිහිටා තිබූණත්, යම් නිශ්චිත කාලයකදී කෙමෙන් වියපත් බවට පත්වීමයි. ජීව විද්‍යාත්මක වශයෙන් නිශ්චිත කාර්යයක් වන නව ජනිතයින් බිහි කිරීම ජීවිතයේ එම වැදගත් කාලසීමාවේදී ඉටූ කිරීම වටිනා මෙහෙවරක් බවට පත්වෙනවා. මෙම කාර්යය සමාජය විද්‍යාත්මක මෙන්ම මනෝ විද්‍යාත්මක වශයෙන් ද එකසේ වැදගත් වන්නක් බැවින් සෑම ස්ත්‍රියකගේම සහ පූරුෂයෙකුගේම ජීවිතයට වැඩි වටිනාකමක්, ඵලදායී බවක් එක් කරන්නක් ලෙස ද සැළකිය හැකියි.

මෙම ජීව විද්‍යාත්මක වෙනස සහ කාර්යයන් මත පදනම් වූ සමාජමය කාර්යභාරයක්, භූමිකාවක් ඉටූ කිරීමේදී ද ස්ත්‍රී සහ පූරුෂ යන දෙපකෂයකටම විවිධ වගකීම් සහ යූතුකම් ඇති බව වටහා ගත යූතු වෙනවා. වඩාත් වැදගත් කරුණ වන්නේ මෙම සමාජමය කාර්යයන් භූමිකාවන් සාර්ථකව ඉටූ කිරීමට මේ දෙපකෂය තුළම ආදරය සෙනෙහස, දයාව, ගරු කිරීම, වගකීම් ඉටූ කිරීමට අයිතීන් ලබා ගැනීම සහ යූතුකම් ඉටූ කිරීම වැනි ගුණාංග නංවා ගැනීමයි. එකිනෙකා පිළිබඳ හොඳ අවබෝධයෙන් කටයූතු කිරීමේදී ඒවා ඇතිකර ගැනීම අපහසූ නැහැ. ඒ සඳහා මූලිකව අවශ්‍ය වන්නේ ඉවසීමයි. එවිට මෙම වටිනා මෙහෙවර මනා දැනූමකින් දැඩි වගකීමකින් සහ දැඩි වැදගත්කමකින් යූක්තව ඉටූ කළ හැකිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here