ලෝකයටම බලපා ඇති කොරෝනා ව්‍යාප්තිය ගැන ජපානය සුළුවෙන් සිතන්නේ ඇයි ?

0
46

චීනයෙන් හට ගත් කොරෝනා රෝගය බලපෑම් කළ පළමු රට වන්නේ  ජපානයයි.ඒ ජනවාරි මාසයේ චීනයෙන් ආ ඩයමන්ඩ් ප්‍රින්සස් නම් සුඛෝපභෝගී නෞකාව හේතුවෙනි.

චීනයෙන් පසු කොරෝනා රෝගය ව්‍යාප්ත වූ ජපනයට වඩා  මේ වන විට කොරෝනා වසංගතය යුරෝපීය රටවල් බොහොමයකට සීග්‍ර ලෙස බලපා ඇති අතර නමුත් ජපානයේ සියලු කටයුතු  අද වන තුරුත් සාමාන්‍ය තත්වයෙන් ක්‍රියාත්මක වේ.

අපි දිනපතා රාජකාරි සදහා යනවා එනවා, ජපානයේ සියලුම අත්‍යවශ්‍ය සේවාවන් තවමත් ක්‍රියාත්මකයි , අවන්හල් කිසිවක් වසා නැත.  වෙළඳ සැල් වසා නැත.මෙට්‍රෝ දුම්රිය සාමාන්‍ය ලෙස ගමන් කරයි.  බුලට් දුම්රිය සාමාන්‍ය ලෙස ගමන් කරයි.  සියලුම ජාත්‍යන්තර දේශසීමා විවෘතයි.

එසේම ජපානයේද ඉතාලියේ වගේම වයස් ගත පුද්ගලයින්ගේ ඉහළ ප්‍රතිශතයක් ඇත.  වැඩිම විදේශිකයන් සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ තෝකියෝ වල.තෝකියෝ යනු විදේශිකයන් විශාල ප්‍රමාණයක් සිටින හොඳම සංචාරක ආකර්ෂණයක් ඇති ප්‍රාන්තයකි. තෝකියෝවට විදේශිකයන්ට තවමත් ඇතුලු වීමට අවසර ලබා දීලා තියෙනවා.

පාසැල් තාවකාලුකව නතර කලද දැන් ඒවද නැවත ක්‍රියාත්මක වීමට නියමිතයි.අපි සුපුරුදු පරිදි ජීවීකාව ගත කරනවා….

ලෝකයම බලපා ඇති මෙවන් වසංගත තත්වයක වුවද හැමදේම ජපානය තුළ මෙසේ සරලව ක්‍රියාත්මක වීමට හේතුවක් තියෙනවා. ඒ ඔවුන් කුඩා කල සිට ප්‍රගුණ කල දේ නිස.ඔවුන් ජපනයේ නිතියට සහා සංස්කෘතියට අවනතයි…

1️⃣ ජපන් ජාතිකයන් පිටතට එන විට මාස්ක්  පැළඳ සිටීම ජපානයේ බහුලව දැකිය හැකි දෙයක්.ජපානය තුළ සාමාන්‍යයෙන් දිනපතා මාස්ක් පැළඳ සිටින සංඛ්‍යාව ප්‍රතිශතක් ලෙස ගත් කල 60% ක් පමණ වේ.පොදු ප්‍රවාහන වල ගමන් ගන්න බොහො දෙනා මාස්ක් පැලද සිටී.

ජපන් ජාතිකයන්  බොහො විට සීත කාලයට බොහෝ දෙනා මාස්ක් පැළඳ සිටියි. ඒ සීත කාලයට රෝග එකිනෙකා හා බෝවීමේ ප්‍රතිශතය ඉහල බව ඔවුන් හොදා කාරවම දන්න නිසාත් සහා ඔවුන්ව කුඩා කල සිට දැනුවත් කර ඇති නිසා..

සාමාන්‍යයෙන් පිළිගැනීමේ නිලධාරි, රජයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය කාර්ය මණ්ඩලය, පොලිසිය, මුරකරුවන් වැනි ඕනෑම මහජන සේවකයෙක් මාස්ක් පැලද සිටීම බහුලව දැකිය හැකි දෙයක්.

ශීත කාලයේදී පාසල් ළමයින්ට දිනපතා මාස්ක් පැළඳීමට පාසල් එන ලෙස ඔවුන්ව දැනුවත් කරන අතර දෙමාපියන්ද දැනුවත් කරනවා. ඕනෑම නිවසක කොදොමෝ මාස්ක් පෙට්ටයක් සහ සාමාන්‍ය මාස්ක් පෙට්ටියක් තියෙනවා.කොදොමෝ මාස්ක් කියන්නේ ළමයින්ට නිසි ලෙස ගැලපෙන පරිදි සකසන ලද මාස්ක් වර්ගයකි.

2️⃣ ජපන් ජාතිකයන් පිරිසිදු ජීවිතයක් ගත කරයි.ඔවුන් නිසි ලෙස කුණු සහා අපද්‍රව්‍ය බැහැර කරයි.සැම තැනම කුණු දැමීමට වර්ග කරන ලද කුණු බදුන් ඇත.දුම් බීමට වෙන කරන ලද ස්ථාන පවති.පර වල් වල කෙල නොගසයි. පිරිසිදුකම ඔවුන්ගේ සංස්කෘතියේ කොටසකි.පාසැල්වල හෝඩිය ඉගෙන ගැනීමට පෙර පිරිසිදුව හා පිළිවෙලට ජීවත් වෙන අකාරය ගැන ඔවුන්ට ඉගැන්වනු ලබයි.S පහ සංකල්පය ඔවුන්ගේ සංකල්පයකි.එය ඔවුන් කුඩා කල සිටම ප්‍රගුණ කරයි.

3️⃣ ඔවුන් එකි නෙකා හදුනා ගැනීමේදි අතට අත නොදෙන අතර ආචාර කිරීමට හිස නමා ආචාර කරති.ස්තුති කරති.සමාව ඉල්ලති..

4️⃣ නිතරම අත් සේදීම ඔවුන්ගේ සංස්කෘතියේ කොටසකි. පොදු වැසිකිළි, කාර්යාල පිවිසුම් සහ සාමාන්‍යයෙන් සෑම පොදු ස්ථානයකම සබන් හා සනීපාරක්ෂක උපකරණ තියා ඇත.

පොදු මෙට්රෝ දුම්රිය ස්ථානවල ද මෙය සාමාන්‍ය දෙයකි.

5️⃣ විවේකාගාරවලදී මිනිසුන්ගේ දෑත් සෝදන සින්ක් එක පුද්ගලයෙක් පාවිච්චි කිරීමෙන් අනතුරුව ඊළඟ පුද්ගලයාට එය භාවිතා කිරීමට පහසු වන පරිදි එය අවට පිරිසිදු කිරීමද දැකිය හැක.

6️⃣ ඔවුන් පිටතට යන විට දෑත් පිරිසිදුව තබා ගැනීමට Wet Tissue පැකට් රැගෙන යයි.

7️⃣ ඔවුන් සාමාන්‍යයෙන්  සියල්ලන් සමඟ සමාජ දුරස්ථභාවය ( Social Distance ) පවත්වා ගැනීම ක්‍රමනූකූලව කරනු ලබයි.

තොකියෝ ආණ්ඩුකාරවරිය සියලු මහජනයා අමතා තෝකියෝ නගරයේ සති අන්තයේ ගමනා ගමනය අඩු කරන ලෙසත් නිකරුනේ කාලය ගත කිරීමෙන් වලකින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලීමෙන් පසු ඔවුන් සියල්ලම ඒ අණ පරිදි ක්‍රියාත්මක වෙන අකාරය තෝකියෝවට පැමිණෙන  ඕනම කෙනෙක්ට දැක ගන්න පුලුවන් මේ දවස්  වල..ඔවුන් නිතියට අණට අවනතයි.

ඔවුන් කිසිම කලබලයක් නොවී සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු පෙර පරිදි පවත්වා ගෙන යන්නේ ඔවුන් පෙර සිටම කල කී යහපත් හුරු පුරුදු නිසා…

ඔවුන් මහජනතාවට එලව එලවා පහර දුන්නේ නැත..සමජ ජාලා , රූපවාහිනි , රේඩියෝ හරහා දැනුවත් කලද නිතර නිතර මේ පිළිබදව දැනුවත් කරන්නේ නැත.මොකද රජයක් වශයෙන් ඔවුන් දන්නවා තමන්ගේ ජනතාවගේ ස්භාවය..රජයට ඇත්තේ හදිසි තත්වයකට මුහුණ පෑමට සිදු වුවහොත් එයට සුදානම් වීම පමණි.

ජපානයෙන් අපි ඉගෙන ගත යුතු දෙවල් බොහොමයයි….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here