වට්ටක්කාවලින් අලූත් වැඩක් – දිව පිනවන, ගත සනහන වට්ටක්කා සාර රසය.

0
294
වට්ටක්කාවලින් අලූත් වැඩක් - දිව පිනවන, ගත සනහන වට්ටක්කා සාර රසය. https://nawaliya.com - Food

වට්ටක්කා යනු ලාංකිකයාගේ දිවට නුහුරු නුපුරුදු ආහාරයක් නොවේ. එය වනාහී බිම දිගේ ඇදෙන වගාව වඩාත් පැතිරවීම සඳහා, වැලෙහි ලපටි අග‍්‍රයන් කඩාදැමූ පසු අතෙහි රැුඳෙන දළු කොටසින්ද රසවත් මැල්ලූමක් සකසා ගත හැකි බෝගයකි. පැසුණු ගෙඩියේ මදයෙන් රසවත් ව්‍යංජනයක් පිළියෙළ කෙරෙන, වසවිස සහිත තෙල් බෙහෙත් ඉල්ලා හඬා නොවැටෙන, ගොවි ආර්ථිකය හා හොඳටම මිතුරු වූ බෝගයකි. වියළි කලාපයේ වැවුණු හේන් වට්ටක්කා මාස කීපයක් වුවත් කල් තබාගෙන අනුභව කළ හැකි වුවත්, මෑතක සිට මෙරට වැඩිපුරම ප‍්‍රචලිත වූ ආනයනික දෙමුහුම් මාදිලි නම් එවැනි කල්තබා ගැනීමේ හැකියාවක් දරන්නේ නැත.

පසුගිය දිනෙක රටට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා වට්ටක්කා නිෂ්පාදනයක් වාර්තාවූ නිසාත්, කල්

තබාගැනීමේ ගතිගුණය අඩු මාදිලියක් නිසාත්, වට්ටක්කා අලෙවි ප‍්‍රශ්නය තරමක් උග‍්‍රව නැගී එනවා පෙනුනි. මෙහි ඇති අනගි පෝෂණ ගුණය ගැන ජනතාව තුළ අවබෝධයක් ඇතිකරමින්, ව්‍යංජනයක් ලෙස මෙය පරිභෝජනය කරනවාට වඩා වෙනස් ආහාර නිෂ්පාදනයන් හඳුන්වාදෙමින් මෙය ප‍්‍රචලිත කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය පියවර ගනිමින් සිටින්නේ, නිෂ්පාදනයෙන් ඉදිරියට පැමිණි ගොවියාව අධෛර්යමත් නොකොට ඔහුගේ උනන්දුව මෙම බෝගය සමග එලෙසම රඳවා තබාගැනීමේ අරමුණෙනි. නිවසේදී විනාඩි 20 ක් වැනි සුළු කාලයක් තුළ පිළියෙළ කළ හැකි, සාමාන්‍ය සුප් එකකට වඩා තරමක් එහාට ගිය නිපැයුමක් ‘‘වට්ටක්කා සාර රසය” (ක්‍රු්ප දෙ ඡුමපචනසබ ීදමච* සේ හඳුන්වාදෙන්නේ මෙහි ප‍්‍රතිපලයක් වශයෙන්ය. ගන්නොරුවේ ආහාර පර්යේෂණ ඒකකයේ ප‍්‍රධානී, නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා සේනාරත්න මෙනෙවිය පැහැදිලි කරන ආකාරයට මෙය එළකිරි පමණක් සත්ත්ව නිෂ්පාදනයක් ලෙස යෙදවෙන නිර්මාංශ ආහාරයකි.

”වට්ටක්කා කැබලි ලොකුවට කපල අර්තාපල් සමගම තම්බන්න පුළුවන්. හැබැයි වට්ටක්කා ඉක්මනට තැම්බෙන නිසා එම කැබලි කලින් ඉවත්කරගන්න වෙනවා. වැඩිපුර තැම්බුනොත් වට්ටක්කාවල පාට සහ සුවඳ දෙකම නැතිවෙලා ”සාර රසයේ” ගතිගුණවලට හානි වෙනවා. අවශ්‍ය නම් වට්ටක්කා වෙනම ස්ටීම් කරගන්නත් පුළුවන්. අනතුරුව කැබලිවල පොතු ඉවත්කරලා,

අර්තාපල් සමග බ්ලෙන්ඩර් එකට දානවා. එයටම අමු සුදුලූණු බික් දෙකක්, බටර් හෝ මාජරීන්, උණුසුම් කිරි හා ගම්මිරිස් කුඩු යන දේ එකතු කරලා විනාඩියක් හෝ එක හමාරක් බ්ලෙන්ඞ් කරනවා එපමණයි.”අවශ්‍ය කළමනා ලැයිස්තුව මෙහි වෙනම පළකර ඇත. වට්ටක්කා තෝරා

ගැනීමේදී වර්ණයෙන් තද කහ පැහැ වර්ගයක් තෝරා ගන්නේ නම් සාර රසයෙහි වර්ණය, රස මෙන්ම පෝෂණ ගුණයද ඉහළ යන බව මතක තබාගැනීම වටී. කිරි දැමීමේදී එය උණුසුම්ව තිබිය යුතු අතර, උකුකිරි භාවිතයෙන් වලකින්න. අවශ්‍ය උකුබව වට්ටක්කා මගින්ම ලබාදෙනු ඇත. මාජරීන්/බටර් ද දියවී ඒකාකාර සංයුතියකින් යුත් උකු දියරයක් සෑදේ. අවශ්‍ය පමණට ලූණු, එක්කිරීමෙන් පිළියෙළ කිරීම අවසන් වන අතර, තවත් රස අවශ්‍යනම් එළවලූ සුප් කැටයකින් කොටසක් දැමිය හැකිය. එහෙත් එය අනිවාර්යය නැත.

වට්ටක්කා හි පෝෂණ දත්තයන් විස්තරාත්මකව අප ඉදිරිපත් කළද, පැරැන්නන් මෙහි ඇති වටිනාකම පැහැදිලිව අවබෝධ කරගෙන සිටි බවක් ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් තුළින් පැහැදිලිව විද්‍යමාන වේ. අවමඟුල් අවස්ථාවකින් පසු මියගිය තැනැත්තාගේ නිවසේ ආහාර පිළියෙළ කිරීම ඇරඹෙන්නේ ”මළබත” නමැති විශේෂ ආහාර වේලක් පිසීමෙන් අනතුරුවය. අවසන් කටයුතු වෙනුවෙන් සුසානයට ගොස් පැමිණෙන අය, නිවැසියන්ද සමග ”මළබත” අනුභවයට එක්වෙති. අවමඟුලක් තිබූ තැනක නිවැසියන් එම කටයුතු නිමාවෙත්දී, නිදිනැති දින කීපයක් පසුකිරීම හේතුවෙන් පසුවෙන්නේ දැඩි කායික හා මානසික අස්ථාවරත්වයකින්ය.

ඔවුනට අවශ්‍යවන්නේ ක්ෂණික ප‍්‍රබෝධයකී. අද මෙන් ශක්ති උත්තේජක පානයන් හෝ ආහාර නොතිබුණු අතීතයකදී මෙම කාර්යය ඉටුකළ හැකි ආහාර සලාකය ලෙස තෝරාගෙන තිබුනේ වට්ටක්කා ව්‍යංජනය සහිත බත්පතකි. සීනි, පිෂ්ඨය, විටමින් ආදී දෑ තුලිතව තිබෙනා මේ ආහාරයට ”මළබත” තුල සුවිශේෂිත්වයක් හිමි වීමට හේතුව මෙය යයි සිතිය හැකිය.

අන්තර්ගත දෑ මොනවාදැයි නිසැකව දන්නේ නැතිව ශක්තිජනක ආහාරයන් ලෙස විදේශයන්ගෙන් පැමිණෙන බොහෝ දේ පරිභෝජනය කරන ජනතාවක් අප අතර සිටී. දේශීය නිෂ්පාදනයකට යොමුවීමේ වැදගත්කම අගයන අය උදෙසා හඳුන්වාදෙන අගනා ශක්ති උත්තේජකයක් වශයෙන්, ”වට්ටක්කා සාර රසය” ප‍්‍රචලිත කරනු වස්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙන හෙළ බොජුන් අලෙවිසැල්වලට මෙය හඳුන්වාදීම නොබෝ දිනෙකින් සිදුකෙරෙනු ඇත.

කල් තබාගත හැකි නිෂ්පාදනයක් ලෙස සැකසූ ”සාර රසය” අසුරණයක බහා ක්ෂණික ආහාරයක් ලෙස වෙළඳපොළට සැපයීමේ මංපෙත් පිළිබඳව විමසිලිමත්වීමටද ආහාර පර්යේෂණ ඒකකයේ නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

සනත් එම්. බණ්ඩාර
(දිවයින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here