අවශ්‍ය ද්‍රව්‍ය

කැකුළු හාල් පිටි 500 g
පොල්ගෙඩි 2 පොල්
හකුරු 250 g
ලුණු ස්වල්පයක්
එනසල්,කරාබු නැටි 3
කුරුදු පොත්තක්

සාදන ක්‍රමය

පළමුව පොල් වලට වතුර ටිකක් දමා මිරිකන්න.
භාජනයකට හාල් පිටි දමා එයට පොල්,ලුණු ස්වල්පයක් දමා පිට්ටු මිශ්‍ර කර කැට සාදන්න.එය පිට්ටු බම්බුවක් දමා තම්බා ගන්න.එය නිවුන පසු අතින කුඩු කරන්න.මිටිකිරි බදුනකට දමා ළිප තබා හකුරු දමා රත්කර එයට කුරුදු සහ එනසාල් එකතු කරන්න.එයට කුරුදු කැබැල්ල දමා මිශ්‍රණය උකු වේගන එන විට පිට්ටු කැට දමා කවලම් කර මිශ්‍රණයේ දැවටෙන තෙක් කවලම් කර පැතලි ලෑල්ලක් හෝ කෙසෙල් කොලයක් තුනී කර කැට හැඩයට කපන්න.

අවසානෙට පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා. මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අපේ පේජ් එකට ලයික් එකක් දාලා, අදහසකුත් කොටාගෙනම මේ පෝස්ට් එක (හතර අතේ) 👈👉👆
ශෙයා කරන්න. ඔයාලා ගාවත් මේ වගේ රසම රස රෙසිපි තියෙනවා නම් අපිට එවන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here