සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

0
473
සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු https://nawaliya.com/FOOD

රතු ලුණු 250ට
කැරට් 2 :අඟල් 2 පමණ දිග කූරු වලට කපා ගන්න-
බෝංචි 5 :අවශ්‍යනම් –
මිරිස් කරල් 15ක් :වෙන් නොවන සේ දෙකට පලා ගත්-
කුඩා ගැට ගස්ලබු ගෙඩියක් :අඟල් 2 පමණ දිග කූරු වලට කපා ගත් ගන්න-
විනාකිරි කෝප්ප 1ක්
අබ කුඩු මේස හැඳි 1-2ක්
ලුණු
ඉඟුරු කැබැල්ලක් :අඟල 2 පමණ දිග-
සුදු ලුණු ගෙඩි 1ක්
කහ කුඩු ස්වල්පයක්

අබල ලුණුල ඉඟුරුල සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්නග ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්නග ඉන්පසු රතු ලුණුල කැරට්ල බෝංචිල මිරිස් කරල් හා ගස්ලබු ටික වෙන වෙනම විනාකිරි වල දමා තප්පර 30 ක් පමණ වෙලාවක් තම්බා ගන්නග

ඉන්පසු කලින් අඹරා ගත් අබ හා ඉඟුරු මිශ්‍රණය විනාකිරි භාජනයට දමා මිනිත්තු 2 ක් පමණ හොඳින් උයා ගන්නග දැන් විනාකිරි මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන කලින් සකස් කරන ලද එළවලු සියල්ල එක්‌ කර හොඳින් කලවම් කර ගන්නග

ඉන්පසු හොඳින් වේලා ගත් පිරිසිදු විදුරු බෝතලයකට හෝ මැටි මුට්ටියක දමා කල් තබා ගත හැකග

මෙය හරිම රසයි වගේම හොද සුවදකුත් එනවාග

අච්චාරු සාදන විට මැටි හට්ටියක් භාවිතා කිරීම ඉතා වැදගත්යග එලෙසම තෙත නැති පිරිසිදු හැන්දක් භාවිතා කළහොත් මෙය මාස 5-6 ක පමණ කාලයක් කල් තබා ගත හැකග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here