සොදුරැ ආඣාදාායකයින්

සොදුරැ ආඣාදාායකයින්

0
62


ශ්‍රී ලංකාවේ කොරොනා මර්දන ව්‍යාපාරයට රජය මුලින්ම අත ගැසුවේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරෑපයකිනි.තීන්දු තීරන ගත්තේ සෙමින් සහ ඉවසීමෙනි.රජය පත්කල නිලදාරීන් ටිකද රජය අගයකරමින් රජය හරියැයි යන මතයේ දිගටම සිටිමින් තම කතිකත්වය බාවිතා කරමින් මාධ්‍ය ඉදිරියේ පුරවැසියන්ගේ හිත හදමින් සිටියේය..ඒ වන විට ලක්ෂ ගනන් මිනිසුන් සිරිපාදේ යමින්ද,රතු පල්ලිය වැනි ස්ථාන වල දේව මෙහෙයන් පවත්වමින්ද, විනෝද චාරීකා සංවිධානය කරමින්ද, වෙරලවල් වල රැස් වෙමින්ද,බාර් අසල පොර කමින්ද,බිග් මැච් පවත්වමින්ද,ෆාස්ටර් ලා සුවකිරිමේ දේව මෙහෙයන් පවත්වමි න්ද ඉතාලි සහ කොරියා ගිය බොහෝ පිරිස් නිරෝදායනයට සහබාගී නොවෙමින් හොර පාරේ නිවෙස් වලට යමින්ද සාද පවත්වමින්ද සිටිනු පෙනුනි.

සෙමින් තීරන ගත් ඉතාලිය සහ ස්පාඤ්ඤය වැනි රටවලට අත්වු ඉරනම සහ කොරෝනා මර්දනය සදහා ගතයුතු නිවැරදිම ක්‍රියාමාර්ග පිලිබදව ඉතාමත් හොද වෛද්‍ය විද්‍යාත්මක සහ සාමාජීය අධ්‍යනයක් කල GMOA එක,රජයේ වැඩපිලි වෙල සහ එහි දුර්වල පැතිවලට එරෙහිව එයට අභියෝග කරමින් සිට ගත්තේය.

මුලින්ම රජයේ සාකච්ඡා වලට සහබාගී වු ඔවුන් හොදින් කරැනු පෙන්වා දුන් අතර,ගෝඨාභය මහතා වටකරමින් සිටි ඇතැම් වද්දිභට්ට නිලදාරීන් රජයේ වැඩපිලිවෙල නිවැරදි බව පවසමින් ප්‍රශෂ්ති ගායනා කරමින් සිටින විට GMOA මාධ්‍ය ප්‍රකාශකයන් එලියට විත් වෙනම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රජයට බෝම්බ, මල්ටිබැරල් සහ මිසයිල් ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදී.විදේශයන්ගෙන් පැමින සිටින්න න්ගේ ව්‍යප්තිය ,නිරෝදාන ක්‍රියාලියේ අඩුපාඩු,රට පෙලගැස්විය යුතු ආකාරය පිලිබදව,ඇදිරි නීතිය දැමීම පිලිබදව නිවැරදිව සහ තර්කානුකූලව කරැනු දක්වනු පෙනුනි.සැබවින්ම රජයට වඩා රෝගයේ ව්‍යාප්තිය පිලිබදව විද්‍යාත්මක දත්ත සහ නිවැරදි සංක්‍රමණික දත්ත සහ මගපෙන්වීම් ඔවුන් සතුව පැවතුනි.

GMOA මාධ්‍ය ප්‍රකාශකයන් සාමාන්‍යයෙන් අනුකම්පා විරහිත පිරිසකි.අනම්‍යවු පිරිසකි.නිර්භය පිරිසකි.ගමේ බාශාවෙන් කියනවා නම් “ගේමම ඉල්ලන” පිරිසකි.තත්වය හොදින් අවබොද කරගත් ගෝඨාභය මහතා පාලනය තම අතට ගෙන ඇලි මෑලි තීරන වෙනුවට වේගවත් සහ නිවැරදිම තීරන වලට යනු පෙනුනි.ඇමරිකාව පාවා සීග්‍රයෙන් කොරෝනා වලට ගොදුරැ වෙමින් සිටියදී අපේ රට මෙතරම් හෝ සුරක්ෂිතව පවතින්නේ ගෝඨාභය රාජපක්ෂයන් ගත් ශක්තිමත් තීරනත් එම තීරන ගැනීම සදහා අනුකම්පා විරහිතව හෝ ඔහුව පෙලබවු GMOA එකත් ,එම තීන්දු බිම් මට්ටමින් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල කැපවීම ද නිසාය.

මාගේ පුද්ගලික අදහස නම් සිදුවිය හැකිව තිබු දරැනු අත්වැරදීම් වලින් මිදී,කොරෝනා වලට සාර්තකව මුහුන දිමට අපට මෙතෙක් හැකීවීම සහ නිවැරදිම තීරන ගැනීමට රජය පෙලබවීම පසුපස සිටින්නේ රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය බවයි.එහිදී වෛද්‍ය අනුරැද්ධ පාදෙණිය මහතාටද හිමිවිය යුත්තේ සුවිශේස ගෞරවයකි.ඔවුන් මේ මොහොතේ තම රට වෙනුවෙන් තම යුතුකම උපරිමයෙන් ඉටුකරමින් සිටී.ඔවුන්ට ඒ පිලිබදව සැබවින්ම ප්‍රනාමය හිමිවිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here