අක්මාවේ තෙල් තැම්පත් වීම හෙවත් ෆැටි ලිවර් (Fatty Liver) සුව කර ගන්නා අයුරු

0
90

01 .දිනකට අවම ලෙස මිනිත්තු 40 ක් හොඳින් ඇවිදින්න. නැතිනම් පිහිනීම ද ඉතා සුදුසු ව්‍යායාමයකි.

02. ගැඹුරු තෙලේ බදින ලද ෂෝටීස් වර්ග,තෙල් සහිත ආහාර ,පාන් පිටි අහාර වර්ග , ක්ෂණික අහාර හැකි තරම් අවම කරන්න.

03. හරක් මස්, ඌරු මස් , ඉස්සන්, දැල්ලන්, කකුලුවන්, පොකිරිස්සන්, වැනි ආහාර හැකි තරම් අවම කරන්න.

04. ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, පරාට, පාන්, ඉඳිආප්ප, වැනි පිටි සහිත ආහාර නිතර ගැනීමෙන් වලකින්න.

05. කිරි පිටි, මුදවපු කිරි, බටර්, මාගරින්, චීස් වැනි ආහාර හැකි තරම් අවම කරන්න.

06. හීං බෝවිටිය කොළ, බෙහෙත් හීනැටි සහල් සමඟ කොළ කැඳ, මොණර කුඩුම්බිය කොළ කැඳ, යකිනාරන් කොළ කැඳ අක්මාවේ තෙල් තැන් පත් වීම අඩු කිරීමට ඉතා ගුණ දායකය.

07. අමතරව ගොටුකොළ, කරපිංච කොළ කැඳ පානය කිරීමද ඉතා සුදුසු ය.

08. ශාක තෙල් හො සත්ව තෙල් ආහාර පිසීම සඳහා භාවිතය අවම කරන්න.

09. වෛද්‍ය උපදෙස් සහිතව සුදුසු මාත්‍රාවකින් ත්‍රිපලා චූර්ණය (පව්ඩර්) හෝ ටැබ්ලට් පානය කරන්න.

10. රුධිර ගත කොලෙස්ටෙරෝල් මට්ටම පරීක්ශා කර එහි වැඩිවීමක් ඇතිනම් සුදුසු ආහාර පාලනයක් සහිතව දේශීය ඖෂධ භාවිතා කරන්න.

11.වෛද්‍ය උපදෙස් මත Ultrasound Scan Report, Liver Profile පරීක්ෂා කර අක්මාවේ ස්වභාවය සහ ක්‍රියාකාරිත්වය පිලිබදව දැන ගන්න.

12. Fatty liver අවස්තාවේ අවසාන ප්‍රතිඵලය සිරෝසිස් බැවින් fatty Liver ඇති grade එක scan එකකින් සහ අක්මාවට හානී සිදු වී ඇතිද යන්න liver profile එකකින් දැන ගැනීම ඉතාම වැදගත්ය.

13. ඇල්කොහොල් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර දමන්න. ඇල්කොහොල් අඩංගු බීම වර්ග භාවිතය අඩු කරන්න.

14. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වී ඇති විට, විශේෂ හේතුවක් නොමැතිව උදය අවදි වන විට ඔබගේ පාදයේ වළලු කර ප්‍රදේශ ඉදිමී ඇති නම්, ඔබගේ මූත්‍ර වල වර්ණය අඳුරු පැහැයට හුරු නම්, ඔබට වෙනදාට වඩා වෙහෙසකාරි බවක් දැනේ නම්, ඔබගේ අක්මාව පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුයි.

15. ඔබ දිර්ඝ කාලීනව මත් පෙති භාවිතා කරයි නම්, දුම් වැටි භාවිතා කරයි නම් ඔබ අක්මාව පරීක්ෂා කර ගත යුතුය.

16. ඔබ දීර්ඝ කාලීනව කිසියම් අසනීපයක් සඳහා ( විශේෂයෙන් දියවැඩියාව කොලෙස්ටෙරෝල් ) බටහිර ඖෂධ භාවිතා කරයි නම් ඔබ අනිවාර්යයෙන් අක්මාව පරීක්ෂා කිරීම වටනේය.

17. ඔබ අතිස්ථූලතාවයෙන් පෙලෙයි නම්, දියවැඩියාව, කොලෙස්ටෙරෝල් සහිත නම් අනිවාර්යයෙන් අක්මාව පරීකෂා කර ගත යුතුය.

18. ඔබට සිරෝසිස් වැනි රෝගී තත්වයක් හොඉ fatty liver grade 2,3 මට්ටමේ ඇතිනම් ඇල්කොහොල් භාවිතය සම්පූර්ණයෙන් නතර කල යුතුයි.

අක්මාව යනු ඔබේ ශරීරයේ කාර්‍යන් 500 කට වඩා සිදු කරන ඉතාම වැදගත් ඉන්ද්‍රියයකි.

ඔබගේ වැරදි අහාර පුරුදු, නිද්‍රාශීලි ජීවන රටාව, දීර්ග කාලීන බටහිර ඖෂධ, දියවැඩියාව, කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්ව නිසා එය රෝගී විය හැකිය.

මෙහි ඇති උපදෙස් පිළිපදින්න. නිරෝගී වන්න!

සටහන :- වෛද්‍ය .ප්‍රසාද් විජේසේකර මහතා

උපුටා ගැනීමකි….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here